fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පුද්ගලයකුගේ මල සිරුරක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:09

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පුද්ගලයකුගේ මල සිරුරක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී පුද්ගලයකුගේ මල සිරුරක් සොයා ගෙන තිබෙනවා. මෙය මුදල් කොල්ලකෑමේ අරමුණින් සිදු කළ ඝාතනයක් බවටයි පොලීසිය සැක පල කරන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස තාප්පයක් අසල තුවාල සහිතව පුද්ගලයකු මියගොස් ඇති බවට දඹුල්ල පොලීසියට ලද තොරතුරක් අනුවයි අදාළ මළසිරුර  සොයා ගැනුණේ.  මෙය මුදල් කොල්ලකෑමේ අරමුණින් සිදු කළ ඝාතනයක් බවට සැක පල කරනවා. ඒ අනුව දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. එහිදී වෙළදසල්වල පිහිටි ආරක්ෂිත කැමරා  පද්ධති ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී හෙළි වුණේ මිය ගිය පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි අයෙකු බවයි.

වෙළදසලක් සොයා ගමන් කරන ඔහු පිටුපස තරුණයන් දෙදෙනෙකු ඉතා සූක්ෂ්ම අයුරින් ලුහුබදින ආකාරයත් එක් තරුණයකු ඔහුගේ මුදල් පසුම්බිය රැගෙන දිවයන ආකාරයත්  එහිදී  දක්නට  ලැබෙන බව පොලීසිය පවසනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා පතන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්