අපොස උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.
ඒ අනුව මේ මස 24 වෙනිදා සිට නොවැම්බර් මස 6 වෙනිදා දක්වා විභාගය පැවැත්වීමයි සැලසුම. ගෘහ ආර්ථික විද්‍යාව, නර්තන, පෙරදිග සංගීතය, කර්නාටක සහ බටහිර සංගීතය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
නාට්‍ය හා රංග කලාව, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවන් ද ප්‍රායෝගික පරීක්ෂණයට ඇතුලත්.