පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාක්ෂි ලබා දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ තේරීම්කාරක සභාවේ සාමාජිකයන් සියලු දෙනා මෙම අවස්ථාවට එක්ව සිටි බවයි. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර ඒ අනුවයි සාක්ෂි විමසීම සිදු කළේ. ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තේරීම් කාරක සභාව සමග මෙම සාකච්ඡාවට එක්වීමට ජනාධිපතිතුමා ක්‍රියා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. එම සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ.