fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 15:14

පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැර ගැනිමට ලක්වුනේ ඌරුබොක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැවිලිකරුවෙකු වන අතර බෙරලපනාතර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයෙකු ද වන බවයි පොලිසිය පවසන්නේ. එහු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි වෑන් රථයකින් පැමිනි පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා. කණ්ඩායම් කිහිපයකින් විමර්ශන සිදු කෙරුණා.

අංක තහඩු නොමැති වෑන් රථය පිළිබද ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කඩුවෙල , කොරතොට සහ ඔරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. පැහැර ගැනිමට අදාල සියලු තොරතුරු පැය 24ක් ගතවිමට පෙර හෙලිකර ගැනීමට හැකිවු බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo