ඇල්පිටිය ඡන්ද විමසීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන 24 වනදා
Related Articles
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළා.
මෙම පෙත්සම ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙකුයි ගොනුකර ඇත්තේ. මෙම ඡන්ද විමසීම සදහා දින නියමකර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවට ඔවුන් චෝදනා කරනවා. 2017 වසරේ කැදවූ නාමයෝජනා ලැයිස්තුව පදනම් කරගෙන මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරුවන් පවසනවා.