fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 12:05

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ඇරඹෙයි

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලිය අද (20) ජපානයේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරඟය ලෙස පැවැත්වෙනනේ ජපානය සහ රුසියාව අතරයි. ඒ මෙරට වේලාවෙන් අද (20) පස්වරු 04 .15 ට ආරම්භ වනවා. රග්බි ලෝක ශුරතාවලිය ආසියානු රටකදී  පැවැත්වෙන පළමු අවස්ථාව මෙය විම ද විශේෂත්වයක්. මෙවර තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වන අතර A, B, C, සහ D යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ එම කණ්ඩායම් තරග වදිනවා.

A කාණ්ඩය යටතේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය,රුසියාව සහ සැමෝවා රාජ්‍යය තරග වදින අතර නවසීලන්තය, දකුණු අප්‍රිකා‍ව, ඉතාලිය, නැමීබියාව සහ කැනඩාව B කාණ්ඩය යටතේ  තරග වදිනවා. එංගලන්තය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, එක්සත් ජනපදය, ටොන්ගා රාජ්‍යය C කාණ්ඩය යටතේත් ඔස්ට්‍රේලියාව, වේල්ස් රාජ්‍යය, ජෝර්ජියාව, ෆිජී රාජ්‍යය සහ උරුගුවේ කණ්ඩායම් D කාණ්ඩය යටතේත් තරග වදිනවා.

අවසන් මහා තරගය නොවැම්බර් මස 02වනදා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 12:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්