හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ලබන මස තුන්වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්ති පාර්ශ්වයේ මූලික විරෝධතා විමසීම ද මීලග දිනට කල් තැබීමටයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ. වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත කිරීම ඔස්සේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.