ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, උදඝෝෂණ හා විරෝධතා රැසක් සංවිධානය කෙරෙන බව රාජ්‍ය බුද්ධි අංශය රජයට දැනුම් දී තිබෙනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂයක් සහ ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුපස සිටින බවට බුද්ධි අංශ ලබාදුන් වාර්තාවල සදහන්. සෑම දිනකම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවයක්, උද්ඝෝෂණයක් හෝ රජයට එරෙහි වැඩසටහනක් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ බවයි බුද්ධි අංශ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
උද්ඝෝෂණ විරෝධතා මෙන්ම වැඩවර්ජන මෙහෙයවන වෘත්තීය සමිති නායකයන්ට හා ප්‍රධානීන්ට එම දේශපාලන පක්ෂමගින් විශාල වශයෙන් මුදල් ලබා දෙන බවත්, එම නායකයින්ගේ පෞද්ගලික ගිණුම්වලට මෙම මුදල් විශාල වශයෙන් බැර කර තිබෙන බවද රජයට ලබාදුන් බුද්ධි අංශ වාර්තාවල සදහන්.