එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා නම් කිරීමට නියමිතයි.
ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා සියලුදෙනාම සහභාගී විය යුතු බැවින් දිවයිනෙන් බැහැරව සිටින සියලුම මැති ඇමතිවරුන් වහාම කැදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුනෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා මේ වන විට අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද සදහන්.
මේ අතර නව සන්ධානයේ සියලුම නායකයින්ගේ සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති අතර එහිදී නව පෙරමුණේ ඡන්ද ලකුණ ව්‍යවස්ථාව ජනාධිපතිවරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එකගතාවයකට පැමිණ තිබෙනවා.