ඉන්දුනීසියාවේ වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් මැලේසියාවේ නගර රැසක් දුමාරයෙන් වැසීගොස් තිබෙනවා.
දුම පැතිර යාමත් සමඟ මැලේසියාවේ පාසල් 1500 ක් පමණ වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. තම අසල්වැසි රට වන ඉන්දුනීසියාවේ වනාන්තර ගිනි තැබීම් මීට හේතුව බවයි මැලේසියා රජය සඳහන් කරන්නේ. මේ හේතුවෙන් මැලේසියාවට අමතරව සිංගප්පූරුවටද බලපෑම් එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දුනීසියාව මීට ප්රතිචාර දක්වමින් කියාසිටියේ මැලේසියාවේ වතු සමාගම් මීට වගකිව යුතු බවයි.