ශ්‍රී ලංකා යුද හුමුදාව සිදු කරන දියකාවා මෙහෙයුම් අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
සැප්තැම්බර් තුන්වනදා ආරම්බ වූ දියකාවා මෙහෙයුම සැප්තැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති ප්‍රාන ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම සිදු කළේ යුද හමුදා කොමාන්ඩෝ බලකායයි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/72AYJxptLak”]