ජනාධිපතිවරණය සදහා අද (19) සිට තැපැල් ඡන්දයට ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. ලබන 30 වනදා තෙක් ඒ සදහා අවස්ථාව ලබාදී තිබෙනවා.
මෙවර තැපැල් ඡන්ද නාමලේඛනය පොත් වශයෙන් ප්‍රදර්ශනය නොකිරිමටයි තීරණය වී තිබෙන්නේ. ග්‍රාමනිලධාරී , ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් එම තොරතුරු ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. මේවන විටත් චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි කොමිසම පවසන්නේ.
ඒ රාජ්‍ය සම්පත් අවභාවිතය , රාජ්‍ය ආයතන උසස්වීම් හා ස්ථාන මාරුවීම් ඇතුලු කරුණු සම්බන්ධයෙන්. ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් , නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේදී. මුලික වටයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුවන බවයි කොමිසමේ ප්‍රකාශකයෙක් සදහන් කළේ.