තායිලන්තයේ සිටින යෝධ පැන්ඩාවන්ගෙන් එක් පැන්ඩාවෙකු මියගොස් තිබෙනවා.
ෂුවැන් ෂුවැන් ලෙසයි මෙම සත්වයා නම් කර තිබෙන්නේ. 2003 වසරේදී චීනයෙන් මෙම සත්වයා ණය පදනම මත ගෙන්වාගෙන තිබෙනවා. තායිලන්තයේ චියැංමායි සත්වෝද්‍යානයේ මියගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම සත්වයා වසර 19 ක් ජීවත්ව සිටි බවයි එම සත්වෝද්‍යානයේ භාරකරුවන් සදහන් කළේ. කෙසේ වෙතත් චීන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සත්වයාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බවත් සාමාන්‍යයෙන් යෝධ පැන්ඩාවන්ට වසර විස්සත් තිහත් අතර කාලයක් ජීවත් විය හැකි බවටත් ඔවුන් සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් චීනය විශේෂඥයින් පිරිසක් ද තායිලන්තයේ චියැන්මායි සත්වෝද්‍යානයට යවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.