ලයිබීරියාවේ පාසල් නේවාසිකාගාරයක හටගත් ගින්නකින් සිසුන් 24 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ලයිබීරියාවේ මොන්රෝවියා අගනුවර ආසන්නයේ පිහිටා තිබූ පාසල් නේවාසිකාගාරයකයි ගින්න හට ගෙන තිබෙන්නේ. අලුයම් කාලයේදී ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේදී සිසුන් නින්දට ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජීවිතක්ෂයට පත් වූ සිසුන් වයස අවුරුදු 10 සහ ඊට වැඩි වයස්වල පසුවන්නන් බව හඳුනාගෙන තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ.