fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉලෙක්ට්‍රොනික් දුම්වැටි නිෂ්පාදනය, ආනයනය හා විකිණීම තහනම් කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය පියවර ගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 08:58

ඉලෙක්ට්‍රොනික් දුම්වැටි නිෂ්පාදනය, ආනයනය හා විකිණීම තහනම් කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය පියවර ගනී

ඉලෙක්ට්‍රොනික් දුම්වැටි නිෂ්පාදනය, ආනයනය හා විකිණීම තහනම් කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍යයට ඇති අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම නිෂ්පාදන තරුණයින්ට දැඩි බලපෑම් එල්ල කරන බැවින් මේවා තහනම් කිරීමට තීරණය කළ බවයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියාවේ මිලියන සියයකට වඩා වැඩිහිටි පිරිසක් දුම්පානයට ඇබ්බැහි වී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.  එමෙන්ම ඉන් වැඩි පිරිසක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම තහනම කඩ කරන්නන්ට වසර තුනක සිර දඬුවමක් නියම වන බව බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්