යාල රක්ෂිතයේ පතල් කැණිම් කළ හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප්රකාශ කළා.
බුත්තල කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම් සිදුකර තිබෙන්නේ. ඔවුන් ලඟ තිබී උපකරණ තොගයක් ද සොයාගැනීමට හැකි වුණා.
සැකකරුවන් සහ උපකරණ ඉදිරි විමර්ශන සඳහා ගල්ගේ වනජීවි කාර්යාලයට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.