දීර්ඝ කාලීනව උසස්විම් නොලැබු පොලිස් නිලධාරින් තිස් එක් දහසකට උසස්විම් ලබාදීමට තිරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත. ඒ සඳහා සියලු ආයතනවල අනුමැතිය හිමිවුණා. ඛාණ්ඩ තුනක් යටතේ උසස්වීම් ලබාදීමයි අරමුණ.
2019 ජනවාරි මස පළමුදා සිට බලපැවැත්වෙන පරිදි පන්දහස් අටසිය විසි හතරකට උසස්වීම් ලබාදීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.