fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොඩි මිනිසා රජකරවන යුගය නිර්මානය කරනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:16

පොඩි මිනිසා රජකරවන යුගය නිර්මානය කරනවා

ජනතාවගේ ශක්තිය තුලින් සියලු  අභියෝග ජයගෙන පොඩි මිනිසා රජකරවන යුගය නිර්මානය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ පැවති ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ පවුල් 2762 ක් සදහා රුපියල් ලක්ෂ 3089 ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. විසිරි නිවාස ණය,සෙවන ආධාර,සොදුරු පියස,නිවාස ණය ලබාදීමට මෙහිදී කටයුතු කෙරුණා. දෘෂ්‍යාබාධිත  පුද්ගලයන් සදහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්.

 

 

 

 

*******නාලක /අමාත්‍යාංශ /අසංක / 06.05 (ගයා)

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්