fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා හමු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:12

අගමැති චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා හමු වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික හා චොංජිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

චීන කොමියුනිස්ට් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති සබඳතාව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතුවූ බව මෙම හමුවේදී අවධාරණය කෙරුණා. එක් මාවතක් එක් තීරයක් වැඩපිළිවෙළෙහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කාර්යභාරය ද චෙන් මිනර් මහතා අගය කළා. ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍ර වෙමින් පවතින බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. අනාගත ආසියා අභියෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇති බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. ඉන්දීය සාගර කලාපයේ තිරසර සාමය ස්ථාවර  කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලාංකික ජනතාව වෙත උපරිම සහාය ලබාදීමට ක්‍රියා කරන බව  චෙන් මිනර් මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය දයා ගමගේ මහතාද කාවින්ද ජයවර්ධන,සන්දිත් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම හමුවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්