fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා සෙවීමට කෝප් කමිටුව තීරණය කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:01

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා සෙවීමට කෝප් කමිටුව තීරණය කරයි

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට කෝප් කමිටුව අද තීරණය කළා.

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා දායක වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුලු අනෙකුත් ආයතන කඩිනමින් කමිටුව හමුවට කැඳවීමටයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙන්ති මහතා තීරණය කර ඇත්තේ. 2014 වසරේදී නෙළුම් කුළුණ සම්බන්ධයෙන් පළමු වරට විමර්ශනයක් සිදුකර ඇති බව ද සභාපතිවරයා කමිටුව හමුවේ හෙළි කළා. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාවක් පසුගිය අප්‍රේල් 01 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාවට අනුව සැලසුම් කිරීමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් විමර්ශනයට ලක්ව ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

නෙළුම් කුළුණ ඉදිකිරීමට සම්බන්ධ ආයතන කමිටුව හමුවට කැඳවීමට කඩිනමින් දිනයක් තීන්දු කළ යුතු බවට සභාපතිවරයා කළ යෝජනාවට සුජීව සේනසිංහ හා රවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ගේ ඒකමතික කැමැත්ත පළ වී තිබෙනවා. මේ අතර කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියදී එය මග හැර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා ඇතුලු නිලධාරීන් කෝප් කමිටුවෙන් අද සමාව අයැද සිටියා. ඒ ෂම්මි ද සිල්වා ඇතුලු නිලධාරීන් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කළ නියෝගයකට අනුවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්