fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා බිහි කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:28

රැකියා බිහි කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අගමැති පවසයි

රැකියා බිහි කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රැකියා බිහි කිරීමේ ක්‍රියාවලිය සඳහා කෙටි මාර්ග අනුගමනය කළහොත් රටේ ආර්ථිකයට බලපෑම් ඇතිවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බාහිර උපාධිධාරීන් හාරදහස් දෙසීය දෙනෙකු සදහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රැකියා අපේක්‍ෂිත සියලු දෙනාට ආදායම් මාර්ග ඇතිකරගත හැකි වැඩපිළිවෙළක් ඉදිරි වසර පහ තුළ සකස් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්