fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරුවරුන් නිර්මාණශීලී හා මනා පෞරුෂයකින් යුත් පිරිසක් කළ යුතු බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 17:58

ගුරුවරුන් නිර්මාණශීලී හා මනා පෞරුෂයකින් යුත් පිරිසක් කළ යුතු බව ජනපති කියයි

වර්තමාන ගුරුවරයා ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞර්ෂයකින් යුතුව ගොඩනැගීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනු ලැබුවා. ඒ කුරුණෑගල පැවති වයඹ පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

වයඹ පළාතේ උපාධිධාරීන් 1400 කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුනේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේදීයි. එහිදී සංකේතාත්මකව උපාධිධාරීන් සිය දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසෙන් සියයට දහයක් ගුරු සේවයට නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණයවී ඇති බවයි.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහිත නව කාර්යාල සංකීර්ණයට මුල්ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්