වැලන්සියා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
Related Articles
යුරෝපා චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්වුනා.
ඒ යටතේ පැවති චෙල්සේ සහ වැලන්සියා කණ්ඩායම් අතර තරගය ගෝල එකට බිංදුවක් ලෙස ජය ගැනීමට සමත් වුණේ වැලන්සියා කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වුණා. කෙසේ වෙතත් පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. නමුත් දෙවන අර්ධයේ 74 වන විනාඩියේදී වැලන්සියා ක්‍රීඩක රුද්‍රිග්‍රෝ මොරේනෝ වාර්තා කළ ගෝලයත් සමග ගෝල එකට බිංදුවක් ලෙස තරගයේ පෙරමුණ ගැනිමට වැලන්සියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල එකට බිංදුවක් ලෙස වැලන්සියා පිළට ජය හිමිකර දෙමින්. මේ අතර ඩෝඩ්මන් සහ බාසිලෝනා යන කණ්ඩායම් අතර තරගය ගෝල බිංදුවට බිංදුවක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගාවලියේ තවත් තරග කිහිපයක් අද දිනයේදී පැවැත්වීමට නියමිතයි.