fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට රියාල් මිලියන 187.5 ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 16:23

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට රියාල් මිලියන 187.5 ක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සදහා සෞදි රියාල් මිලියන 187.5 ක් ලබාදීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල එකගතාව පලකලා. ඊට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.

මෙම ගිවිසුමට අත්සන් තැබුණේ මුදල් අමාත්‍යාංශයේ දීයි. අමාත්‍යාංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා සහ සෞදි අරමුදලේ නියෝජ්‍ය සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ කලීඩ් සුලෙයිමන් මහතා අත්සන් තැබුවා. සබරගමුව වෛද්‍ය පීඨය සදහා බදවා ගන්නා පළමු කණ්ඩායම මේ වනවිටත් ලියාපදිංචිකර අවසන්. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් තෘතීක අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම රජයේ අරමුණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 16:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්