විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට තහනම් නියෝගයක්
Related Articles
උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරයට,ජනාධිපති ලේකම් කාර්යාලයට,අරලියගහ මන්දිරයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුලු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.
පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. සාමය කඩවන සුළු අයුරින් කටයුතු කරන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. උද්ඝෝෂකකරුවන් සමග විශ්වවිද්‍යාල සිසුන් දෙදහසක් පමණ උද්ඝෝෂණයට සහභාගි වීමට ඉඩ ඇති බවත් පොලීසිය සමග ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ගේ ගිනිඅවි උදුරා ගැනීමේ සැලැස්මක් ඇති බවටත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා. රණවිරුවන් නීත්‍යානුකූල නොවන අයුරින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැඳී සිටින බවත් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් සිදු කිරීමට යන ක්‍රියාවන් හේතුවෙන් නැවතත් රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් වීමට ඉඩ ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.