fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි කුමරු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:52

සෞදි කුමරු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරයි

තෙල්පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ අයට විරුද්ධව ජාත්‍යන්තරය පියවර ගන්නා ලෙස සෞදියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිනවා.

සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරවලට ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු බව සල්මාන් කුමරු පවසනවා. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සමග කළ දුරකතන සංවාදයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර සෞදි ප්‍රහාරය පිළිබද සොයා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදි අරාබියේ සංචාරයක නිරතවීමට නියමිතයි. තෙල්පිරිපහදු සංකීර්ණ වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටද සෞදි රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කළා. මේ අතර සෞදි අරාබිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සියලුම සාක්ෂි ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන බවයි. එම සාක්ෂිවලින් ඉරානය මෙය සිදුකර ඇති බව හෙළි වන බවයි සෞදි අරාබිය ප්‍රකාශ කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්