කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් බොරැල්ල කනත්තේ භූමදානය කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති එම ශරීර කොටස් භූමදානය කිරීම සදහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් වෙත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ.
මෙම බෝම්බකරුගේ ශරීර කොටස් භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව එම ශරීර කොටස් භූමදානය කර ග්‍රාම නිලධාරී හරහා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරුණා. මේ අතර මෙම බෝම්බකරුවා කිංස්බරි හෝටලයට ප්‍රවාහනය කළ බව කියන වාහනයෙන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළි නොවූ බැවින් එය බැදුම්කරයක් යටතේ හිමිකරුට භාරදීමට විරෝධයක් නැති බව රහස් පොලීසිය දන්වා සිටියා.