fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ආයතනවල අනියම් හා ආදේශක සේවකයින් ස්ථීර කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 12:34

රාජ්‍ය ආයතනවල අනියම් හා ආදේශක සේවකයින් ස්ථීර කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයින් ස්ථීර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිවුණා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25, 2014 සහ 25, 2014 (1) හි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථීරත්වය ලබාගැනීමට නොහැකිවූ සේවකයින් මෙසේ ස්ථීර කෙරෙනවා. අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට බඳවාගෙන දින 180 ට වඩා සේවය කර ඇති සේවකයින්ද ස්ථීර කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණා. විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඒ සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වායි. එම මාසය තුළ තොරතුරු පනත ආශ්‍රිත ක්‍රියාකාරකම්හි යෙදීමට සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබාදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කෙරුණු ඇති. ගමට තොරතුරු අයිතිය මැයෙන් ජංගම සේවා දිස්ත්‍රික් පහක ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

තෝරාගත් ගමනාන්ත කරා නියමිත කාලසටහන් යටතේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් සමග ගිවිසුම්වලට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා සාධනීය නෛතික රාමුවක් හදුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවුණා. ඒ අනුව පවත්නා නීති සංශෝධනය කර කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කෙරෙනු ඇති.

ආහාර සුරක්ෂීතතාව හා ගුණාත්මකභාවයට සහාය වීම සහ කර්මාන්ත අංශයේ දායකත්ව ව්‍යාපෘතිය සදහා යුරෝ මිලියන 18.81 ක ප්‍රදානයක් යුරෝපා සංගමයෙන් ලබා ගැනීමේ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඉදිරි මාස 8 ක් සදහා පෙට්‍රල් බැරල් නවලක්ෂයක් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්