ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරියේදී සූදානම් බව තලෙයිබාන් සංවිධානය බී බී සී පුවත් සේවයට ප්රකාශ කර තිබෙනවා.
තලෙයිබාන් සංවිධානයේ සාමාජික මොහොමඩ් අබ්බාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයට සාමය සඳහා ඇති එකම මාර්ගය මෙය බවයි. පසුගියදා ඩොනල්ඩ් ට්රම්ප් මෙම සාකච්ඡා අඩපණ වී ඇති බවට ප්රකාශ කිරීමත් සමඟ තලෙයිබාන් සංවිධානය බී බී සී පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඔස්සේ මෙය පවසා තිබෙනවා.