අපරාධ සඳහා භාවිත කළ විදෙස් ගිනි අවියක් සහ මැගසිනයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි වුණා.
වැටලීම සිදුකළේ නවගමුව පොලිස් වසමේ සමගි මාවත ප්රදේශයේ දී. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීම සඳහා තවත් ප්රතිවාදි කණ්ඩායමක් එම ගිනි අවිය යොදාගෙන ඇති බවටයි මේ වනවිට හෙළිව තිබෙන්නේ.
ඉදිරි විමර්ශන සඳහා ඒවා නවගමුව පොලිසියට භාරදී තිබෙනවා.