දිවයිනේ නිරත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ යන පළාත්වලට විටින් විට වැසි ඇති වීමේ තත්ත්වයකුයි පවතින්නේ. මධ්‍යම, සබරගමුව යන පළාත්වලටත් කලුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්වලටත් මිලිමීටර 50 කට අධික වැසි ඇති විය හැකියි.
මේ අතර ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ස්ථාන රැසක් ජලයෙන් යටවී පවතිනවා. ගිංගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගිංගඟේ ඉහළ කොටසට තවදුරටත් වැසි ලැබුණහොත් ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කලුගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. එමෙන්ම ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.