ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (17) ගොනු කෙරුණා.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුයි එම පෙත්සම ගොනුකළේ. 2017 වසරේ නාමයෝජනා ලැයිස්තුව පදනම් කරගෙන මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරුවන් පවසනවා.