fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

16න් පහළ අන්තර් පාසල් හොකී තරගාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 15:44

16න් පහළ අන්තර් පාසල් හොකී තරගාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධාන කරන වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් හොකී තරගාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ හේතුවෙන් තරගය කල්දැමීමට සංවිධායකයින් තීරණය කළා.

තරගාවලිය දින හතරක් පුරා මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී පැවත්වුණා. ඊට එක්වූ පාසල් 78ක් අතුරින්  අවසන් වටයට පාසල් 24ක් සුදුසුකම් ලැබුවා. මෙහිදි බාලක අංශයේ ඒ කාණ්ඩය යටතේ පෙරමුණ ගැනිමට මිගමුව මාර්ස්ටලා සහ කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායම් සමත් වුනා. මාතලේ ක්‍රිස්තුරාජ විද්‍යාලයත්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයත් බී කණ්ඩයේ පෙරමුණ ගත්තා.  සී කාණ්ඩයේ පෙරමුණ ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මාතලේ විජය විද්‍යාලය. ඩී කාණ්ඩයෙන් යටතේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පෙරමුණ ගත්තා. බාලිකා අංශයේ පෙරමුණ ගත්තේ ෙසිතා දේවි විද්‍යාලය සහ කොළඹ යශෝදරා විද්‍යාලයයි. තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අතරහැර දැමිමටසංවිධායිකයින් තීරණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 15:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්