fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව ගැන ICC ය සීරුවෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 12:12

පාකිස්තානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව ගැන  ICC ය සීරුවෙන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇගයීමක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලි සඳහා විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි.

පාකිස්තානයේ පැරණිතම පුවත්පත ලෙස සැලකෙන ඩේලි ජැන් නම් උර්දු පුවත්පත වාර්තා කර සිටියේ අදාළ තරගාවලි සඳහා පාකිස්තාන රජය ලබා දෙන ආරක්ෂාව පිළිබඳව සොයා බැලිමක් සිදු කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිළධාරින් පත් කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමට නියමිත බවයි. මීට පෙර 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ සිදු කළ තරග සංචාරයේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඒ සඳහා නිළධාරීන් පත් කළේ නැහැ. ඒ අනුව අදාළ තරග සඳහා නිලධාරීන් පත් කරනු ලැබුවේ ද පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් දෙක විසින්මයි. මෙවර තරගාවලියන්හිදී ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සෑහීමකට පත් නොවුනහොත් විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත් කිරිමේ වගකීම ද පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට පැවරෙනු ඇති.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 12:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්