fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයෙන් පුහුණු සංචිතයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 10:44

පාකිස්තානයෙන් පුහුණු සංචිතයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මූලික සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සහ පුහුණුකරු වන මිස්බා උල් හක් නම් කර තිබෙනවා.

ලාහෝර් නුවර ජාතික ක්‍රිකට් ඇකඩමියේදී එළඹෙන 18 වනදා ආරම්භ වන පුහුණු කදවුරක් සදහා සහභාගි කරවා ගැනිමේ අරමුණින් ක්‍රිඩකයින් 20 දෙනෙකුගේ යුත් සංචිතයක් මෙලෙස නම් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මෙම සංචිතයට ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් නම් කර නැහැ. ඒ ඔවුන් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිම හේතුවෙන්. ලෝක කුසලානයට එක් වූ ක්‍රිඩකයින් හැරුණුවිට මෙම මුලික සංචිතය සදහා අහ්මඩ් ෂෙසාඩ්,උමාර් අක්මාල්,මොහොමඩ් රිස්වාන හා උස්මාන් ෂින්වාරි යන ක්‍රිඩකයින් කැදවා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 10:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්