හලාවත කොට්ඨාසයේ හලාවත මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
හලාවත මුලස්ථාන පොලීසියට අනුයුක්තව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඒ අතර වනවා. වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසකගෙන් විසිදෙනෙකු නවදෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන එම ස්ථානයේ තිබු මුදල් අයථා ලෙස ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුවයි මෙම වැඩතහනම සිදු කර තිබෙන්නේ.