ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් කටයුතු ලබන ජනවාරි මාසයේදී අවසන් වීමට නියමිතයි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේයි එය ඉදිවෙමින් පවතින්නේ.
එහි ඉදි කිරිම්වලින් මේ වන විට සියයට 90ක වැඩ අවසන්ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ලොව විශලාතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයයි. එහි ප්‍රේක්ෂකයන් අනූපන්දහසකට තරග නැරඹීමේ හැකියාව පවතිනවා. ඉන්දියාවේ ගුජරාට් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ තරග නැරඹිය හැකි ප්‍රේකෂකයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ දසදහසක්. මෙම ක්‍රිඩාංගනය ඉදි කිරිම සදහා වැය කෙරෙන මුදල ඉන්දිය රුපියල් කෝටි 700ක් බව සදහන්.