සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවට බුද්ධි අංශ තොරතුරු තහවුරු කරන බව ඇමෙරිකාව පවසනවා.
සෞදි අරම්කෝ රාජ්‍යය තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඉරානය ප්‍රහාර එල්ල කළ බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කර ගත හැකි බවයි ඇමෙරිකාව පවසන්නේ. එම ප්‍රහාරය යේමනයේ හූති සටන්කරුවන් එල්ල කළ බවට මීට පෙර ඔවුන් වගකීම භාර ගත්තා. නමුත් ඇමෙරිකාව පවසන්නේ එය ඉරානයේ අනුදැනුම මත සිදු කළ ප්‍රහාරයක් බවයි.
මෙම ප්‍රහාරයත් සමග ගෝලීය බොරතෙල් මිලද ඉහළ ගියා. ඇමෙරිකාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරානය පවසන්නේ තමන් මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. මේ අතර නවතම ආරක්ෂක වාර්තාවක් පෙන්වා දෙන්නේ සෞදි අරාබියේ අරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානය තවමත් අනතුරක තිබෙන බවයි. එයට නැවතත් ප්‍රහාර එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු අගවනවා.