fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්කොන් 20 යි 20 තරගාවලියේ තුන්වන තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 15:56

තුන්කොන් 20 යි 20 තරගාවලියේ තුන්වන තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

බංග්ලාදේශයේ  පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් ජය වාර්තා කිරිමට ඇෆ්ගනිස්තාන කන්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 25කින් පරාජයට පත් වුයේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඩකා නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 06ක් දැවි ලකුණු 164ක් රැස් කළා. මොහොමඩ් නබී ලකුණු 84ක් ලබා ගත්තා. ඊට හයේ පහර හතක් ඇතුලත්. පන්දුයැවිමේදී මොහොමඩ් සයිෆුදීන් කඩුලු 04ක් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 139ක් පමණයි. මෙය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වාර්තා කළ 12වන ජයග්‍රහණය වීම විශේෂත්වයක්. එවැනි දක්ෂතාවයක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දැක්වූ පළමු රට ලෙසයි ඔවුන් ඉතිහාසයට එක් වුණේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 15:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්