fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශුරතාව ආනන්දයට සහ යාපනය හින්දු විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 15:34

අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශුරතාව ආනන්දයට සහ යාපනය හින්දු විද්‍යාලයට

උතුරට නෑගම් අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ සම ශුරතාව දිනා ගැනිමට කොළඹ ආනන්ද  සහ යාපනය හින්දු විද්‍යාල ආදි ශිෂ්‍ය කණ්ඩායම්  සමත් වුණා.

යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ‍කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දුවාර දහය අවසානයේදී කඩුලු 05ක් දැවි ලකුණු 115ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි යාපනය හින්දු විද්‍යාලය පන්දුවාර 04ක් අවසානයේ කඩුලු 02ක් දැවි ලකුණු 39ක් රැස් කර ගෙන සිටියදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරිමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ දෙපිලටම සම ශුරතාවය ලබා දෙමින්. තරගයේ වීරයා සම්මානය සචිත්‍ර සේනානායක දිනා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 15:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්