ශී‍්‍ර ලංකා පාකිස්තාන තරග සංචාරයේ ආරක්ෂාව සම්බන්ධ වාර්තාව අද දිනයේදී ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ITN ප්රවෘත්ති වෙත පවසා සිටියා.
මෙම මස අගදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට තොරතුරක් වාර්තා වූ බව පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කළේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමට අනුව යළිත් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබද වාර්තාවක් කැදවීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේ. එම වාර්තාව අද දිනයේදී ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා මහතා අයිටිඑන් ප්රවෘත්ති අංශය වෙත පවසා සිටියා. ක්‍රිඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් ශ්‍රී ලංකා සංචිතයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කන්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස කණ්ඩායම මේ දිනවල රොමේෂ් රත්නායක මහතා යටතේ සිය පුහුණුවීම් කටයුතු වල නිරත වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.