රුසියාවෙන් ලැබුණු එස් හාරසීය මිසයිල පද්ධතිය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට භාවිත කිරීමට තමන් සූදානම් බව තුර්කිය පවසනවා.
එස් හාරසීය මිසයිල ආරක්ෂණ පද්ධතියේ උපාංග කට්ටලයක් හා බැටරිය තුර්කිය වෙත අද ලබා දීමට රුසියාව කටයුතු කළා. කෙසේ වෙතත් නේටෝ රටක් වන තුර්කිය රුසියාව සමඟ ආරක්ෂක සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අදාළ මිසයිල පද්ධතිය භාවිතයට ගන්නේ නම් තුර්කියට එරෙහිව සම්බාධක පනවන බවටයි මින් පෙර ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබුණේ. මිසයිල පද්ධතියේ පළමු උපාංග කට්ටලය පසුගිය ජූලි මාසයේදී තුර්කිය වෙත ලබා දීමට රුසියාව කටයුතු කළා.