අදියර 21ක් අවසානයේ ස්පාඤ්ඤ පාපැදි සවාරියේ සමස්ත ශුරතාවය දිනා ගැනිමට ස්ලොවැකියාවේ ප්රිමෝස් රොග්ලික් සමත් වුණා.
කිලෝමිටර් 106.6 ක් වූ 21ක් වන අදියර ජය ගත්තේ නෙදර්ලන්තයේ ෆේබියෝ ජාකොබ්සන්. තරගය නිම කිරිමට ඔහු ගතකළ කාලය පැය 02යි විනාඩි 48ක්. එහි දෙවන ස්ථානය අයර්ලන්තයේ සෑම් බෙනට් දිනාගත් අතර පෝලන්තයේ සයිමන් සජ්නොක් එහි තුන්වන ස්ථානය දිනාගත්තා.