fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙක් අත්අඩංගුවට [Update]

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:13

හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙක් අත්අඩංගුවට [Update]

හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනාගන් හය දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.  හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………

හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ යතුරුපැදිය සහ වෑන් රථයද සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගයකු ජීවිතක්ෂයට පත්වුණා. බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු හෝමාගම සහ අවිස්සාවෙල්ල රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු එය නතර කර වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගනිමින් සිටි අවස්ථාවෙදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා. එහිදී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථයේ පැමිණි අනෙක් පුද්ගලයා සහ වෙළඳසැල් හිමියා බරපතල තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්