fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 09:59

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග දෙකට දෙකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ එංගලන්ත කණ්ඩායම පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 153ක ජයක් වාර්තා කිරිමත් සමඟයි.

ලන්ඩන් නුවර කොනින්ටන් ඕවල් ක්‍රිඩාංගනයේ පැවති තරගය ජය ගැනිම සදහා දෙවන ඉනිමේදී ලකුණු 399ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවි රැස් ගත හැකි වුයේ ලකුණු 293ක් පමණයි. මැතිව් වෙඩ් ලකුණු 117ක් ලබා ගත්තා. පන්දුයැවිමේදී ස්ටුවට් බ්‍රෝඩ් සහ ජැක් ලීච් කඩුලු 04 බැගින් බිද හෙලුවා. තරගාවලියේ දී ලකුණු 441ක් සහ කඩුලු 08ක් බිඳ හෙලු බෙන් ස්ටොක්ස් එංගලන්තය වෙනුවෙන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 09:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්