දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 06 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්
Related Articles
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 06 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ කහතුඩුව පිවිසුම් දොරටුව ආසන්නයේයි. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම අනතුර සිදුව ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60 දක්වා අඩු කර තිබෙනවා.