උදාරයි ඔබ් සංගීත ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රගහලේ දී පැවැත්වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයයි ප්‍රසංගය සංවිධාන කළේ.
උදාරයි ඔබ ප්‍රසංගයට ප්‍රවීන ගායක ගායිකාවන් රැසක් සහභාගී වී සිටියා. ත්‍රිවිද හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් ප්‍රසංගයට පසුබිම් සංගීතය සැපයුවා. ත්‍රිවිද හමුදා,පොලිස් සහ ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකි පිහිටුවීම සදහා අරමුදල් රැස් කිරීම ප්‍රසංගයේ අරමුණයි. කාතානායක කරූ ජයසූරිය මහතාද ත්‍රිවිද හමුදාපතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද විශාල පිරිසක්ද ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියා.