fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලාලි ගුවන්තොටුපලේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 16:13

පලාලි ගුවන්තොටුපලේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්

පලාලි ගුවන්තොටුපලේ පළමු අදියරේ ඉදිකිරීම් මේ වන විට අවසන් වී තිබෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහි කළ නිරීක්ෂන චාරිකාවකදීයී මේ බව හෙළි වුණේ.

කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසට ප්‍රවර්ධනය කෙරෙන පලාලි  ගුවන්තොටුපලේ ඉදිකිරීම් නිරීක්ෂණය සදහා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා එක්වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එහි පළමු අදියරේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ මේ වන විට අවසන් වී තිබෙනවා.  ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම යටතේ සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 55 ක් අවසන්. සමස්ථයක් ලෙස පළමු අදියරේ ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළේ. පළාලි ගුවන්තොටුපලෙහි ජාත්‍යන්තර ගුවන්ගමන් සේවා ලබන මස අවසාන වීමට ප්‍රථම ආරම්භ කිරීමටයි සැළසුම් කෙරෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්