මෙම වසරේදී බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොපැවැත්විමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවට එරට ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේදී වෙනත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරිමටයි තීරණය කර ඇත්තේ. එය ඕස්ට්‍රේලියා බිග් බෑෂ් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සමාන ස්වරූපයක් ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. බීපීඑල් තරගාවලියට එක්වන කන්ඩායම්වල හිමිකාරිත්වය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගැටලු විසදා ගැනිමට නොහැකි වීම හේතුවෙනුයි එරට ක්‍රිකට් ආයතනය මෙම වසරේදී අදාළ තරගාවලිය නොපැවැත්විමට පියවර ගෙන ඇත්තේ. කණ්ඩායම් වලින් ලැබි ඇති පිලිගත නොහැකි ඉල්ලීම් ද මීට හේතු වී තිබෙනවා.