fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජය ගන්නේ එජාප අපේක්‍ෂකයා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 16:07

මෙවර ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජය ගන්නේ එජාප අපේක්‍ෂකයා

මෙවර ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ලෝ ලෙවල් මර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මං තීරු 4 කින් යුක්තව නවීන මාර්ගයක් ලෙස ලෝ ලෙවල් මාර්ගය සංවර්ධනය කෙරෙනවා. එහි දෙවන අදියර යටතේයි ඔරුගොඩවත්ත සිට බුත්ගමුව දක්වා කිලෝමීටර 4යි දශම 5 ක කොටස සංවර්ධනය කෙරෙන්නේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන එක්දහස් නවසිය පනස් දෙකක්. මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර අඹතලේ සිට ආරම්භ කෙරුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එස් එම් මරික්කාර් මහතා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්